බුරු පොළක් වටලා 6 ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පිළියන්දල විශ්ව කලාව ප්‍රදේශයේ නිවසක් තුළ මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටී පුද්ගලයන් හය දෙනෙක් අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි 

ස්ථානයේ තිබී බූරු කුට්ටමක්,පැදුරක්  සහ රුපියල් 12,000 ක මුදලක් සොයාගෙන ඇත 

පිලියන්දල පොලිසියට අනියුක්ත ගල්කිස්ස  කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව  වැටලීම සිදු කර ඇත 

පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේ දී  එම පුද්ගලයන් නිවස තුළ බිම දැමූ  පැදුරක් මත හිඳගෙන බූරු  ගසමින් සිටි බව පොලිසිය කියයි 

එම අවස්ථාවේදී  දී එකම පුද්ගලයෙක් වත් මුව ආවරණ පැළඳ නොසිටි බවද  වැටලීමට සහභාගිවූ නිලධාරියෙක් පැවැසීය 

මුදල් ඔට්ටුවට බූරු ගැසීම  සහ නිරෝධායන  නීති උල්ලංඝනය කිරීම යටතේ  අද   කැස්බෑව අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය