(ඩී.ජී.සුගතපාල)
බීමත්ව පොලිස් අණ නොතකා යතුරු පැදියක් ධාවනය කළ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අද ( 01) අලුයම අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
වේගයෙන් පැමිණි යතුරු පැදියක් නතර කරන ලෙසට නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් සංඥා කර ඇතත් යතුරු පැදිය නොනවත්වාම පිටුවල මාර්ගයේ ධාවනය කර ඇති අතර පොලිස් නිලධාරින්ද යතුරු පැදියෙන් එය පිටුපස හඹාගොස් ඇත.
එවිට මන්ත්‍රීවරයාට තම යතුරු පැදිය පිටුවල මාර්ගයේ සමගි මාවතට හැරවීමට යාමේදි පාලනය කර ගැනීමට නොහැකිව පෙරැළී තිබේ. පසුව පොලිස් නිලධාරින් ඔහු පරීක්ෂා කිරීමට සුදානම් වූ අවස්ථාවේ එයට විරෝධය පා පොලිස් නිලධාරින් සමග පොරබදා ගුටිබැට හුවමාරුවක්ද සිදුව ඇත.
පසුව මහත් පරිශ්‍රමයකින් ඔහු පොලිස්ථානයට ගෙනැවිත් බීමත්ව සිටිදැයි පරීක්ෂා කිරීමට සුදානම් වූ අවස්ථාවේ එයටද විරෝධය පලකිරීම නිසා ඇල්පිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදි වෛද්‍යවරයා වාර්තා කර ඇත්තේ ඔහු බීමත්ව සිටින බවය.
පොලිස් නිලධාරින් තමාට පහරදුන් බව පවසා ඔහු එම අවස්ථාවේ රෝහලට ඇතුලත්ව ඇති අතර තමාටද තුවාල සිදුව ඇති බව පවසා පොලිස් නිලධාරියෙකුද රෝහලට ඇතුළත්ව ඇත.
ඇල්පිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.