උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබල මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව කළ සෝදිසි මෙහෙයුමකදී අතහැර දමා ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.
මෙම බීඩී කොළ පාර්සල් 10 ක බහා තිබී ඇති අතර, ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට ඔවුහු සැක පළ කරති.
බීඩී කොළ තොගය ඉදිරි පරීක්ෂණ සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට නියමිතය.
මන්නාරම පේසාලේ ප්‍රදේශයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මත වෙමින් පවතී.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)