(බුද්ධික කේ කුමාරසිරි සහ පි‍්‍රයන්ත ජයලත්)
හෝමාගම අතුරුගිරිය පාරේ 3 වැනි පටුමගෙහි නිවස තුළදී තම බිරිය ඝාතනය කර නිවස ඉදිරිපිට මාර්ගයේ දෙල් ගසක එල්ලී දිවි හානි කර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු ප‍්‍රදේශවාසීන් විසින් බේරා ගෙන අද(12) සවස හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමාගම පොලිසිය පවසයි.
මෙම අඹු සැමියන් දෙදෙනා අතර කාලයක සිට පැවැති බහින් බස් වීමක් දුර දිග ගොස් මෙලෙස සැමියා විසින් බිරිඳගේ ගෙල වයරයකින් ගැට ගසා සිරකර ඇයගේ හිසට කුඩා ලී වංගෙඩි මෝල් ගසකින් පහර දී ඝාතනය කර දමා සැකකරු සිය දිවි නසා ගැනීමට තැත් කර ඇති බව සිදු කළ මූලික විමර්ශණ වලදී අනාවරණය වූ බව ද පොලිසිය කීය.
මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ සචිනි මධුවන්ති ජයකොඩි නමැති 30 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇයගේ 32 හැවිරිදි සැමියා වන යුද හමුදා සිවිල් සේවකයෙකු මෙලෙස රෝහල් ගත කර ඇති අතර සැකකරු සැකපිට පොලිස් අත් අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
සිද්ධිය වූ ස්ථානයට පැමිනි නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් සහ හෝමාගම පොලිසියේ අපරාධ විමර්ණ අංශයේ නිලධාරීන් පරීක්ෂණ පැවැත්විය.