(උඩුගම රවී ලියනගේ)
හිනිදුම පොලිස් වසමේ ඇළඉහළ ප්‍රදේශයේ 29 හැවිරිදි පුද්ගයෙකු සිය 26 හැවිරිදි බිරිඳට අලවංගුවකින් පහරදී ඝාතනය කර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ හේවාවිතානගේ සුරංගි ලක්මාලි නැමැත්තියකි.
සැකකරු නිතර නිතර මත්පැන් පානය කරන බවටත් කාලයක සිටම බීමතින් පැමිණ බිරිඳ සමග ආරවුල් ඇතිකරගන්නා බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත.
සිය 6 හැවිරිදි දියණිය තම මවගේ නිවසට ගොස් බාරදී සැකකරු පලාගොස් තිබේ.
හිනිදුම පොලිසිය පරීක්ෂණ සිදුකරයි.