( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
කොම්පඤ්ඤ වීදිය ඩෝසන් වීදිය 31 වත්ත ප්‍රදේශයේ දී සැමියා විසින් බිරිදට පහර දී ගෙල මිරිකා ඝාතනය කර ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය කියයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 2 ඩෝසන් වීදියේ පදිංචි කාදර් ෆරීනා 53 වයස නැමැත්තියයි.
සිද්ධියෙන් අනතුරුව සැකකාර සැමියා පොලිසිය භාර වූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .
පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවට සිදු කළ විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය .