කග කරුණාරත්න
මඩකළපුව ප්‍රධාන මාර්ගයේ පොළොන්නරුව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක් පොලොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක හැපීමෙන් සිදුවූ අනතුරකින් ලොරියේ රියැදුරා මියගොස් ලොරියේ සහයක තුවාල ලබා ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව, කල්මුණේ, සයින්දුමරුදු, ඔස්මන්පාර, අංක 413 ලිපිනයේ පදිංචි ආදම්බාවා මොහොමඩ් ස්මයිල් (49) යන අයයි.
අනතුරින් තුවාල ලැබූ ලොරියේ සහයක ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇත.
ලොරියේ රියැදුරාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී හෙළිවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.