බාලවයස්කාර සිසුවිය සමුහ දුෂණය කළ සැකකරුවන් සොයා පරීක්ෂණ


ඩි.ජී.සුගතපාල
 
දහසය හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කර ඇතැයි නාගොඩ පොලිසිය පවසයි.

පොද්දිවල ප්‍රදේශයේ පදිංචි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි මෙම සිසුවිය මෙයට සති දෙකකට පෙර තරුණයකු සමඟ ‍ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇති අතර ඔහු විසින් ඇයට ජංගම දුරකතනයක් ද ලබාදී ඇත.

දුරකථනයෙන් ඇයට කතා කළ තරුණයා මවට හඳුන්වා දීමට යෑමට එන ලෙස පවසා ඇත. ඒ අනුව වෙළෙඳසලට යන බව තම මවට පවසා තරුණයා සමඟ යතුරුපැදියකින් ගොස් ඇත. එලෙස ගෙන ගොස් නාගොඩ පොලිස් වසමේ පාලු නිවසක දී ඇයව දූෂණය කර ඇති බව පොලිසිය පවසයි.  

පසුව පැමිණි තවත් අයකු ද ඇයට තර්ජනය කර දුෂණය කර පසුව දෙදෙනාම යතුරු පැදියෙන් පලාගොස් ඇත. තරුණයාගේ ලිපිනයක් හෝ නම ඇය විසින් නොදන්නා බවද අනාවරණය වී තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.