බාලවයස්කාර දැරියට අතවර කළ පෙම්වතා සහ මිතුරා සොයා පරීක්ෂණ


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


ප්‍රේම සම්බන්ධතාවයකින් පසු 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් පාසල වෙත එන අතරවාරයේදී ඇය රවටා ගෙන මෝටර් රථයක නංවාගෙන ගොස් හක්මන ප්‍රදේශයේ පාලු නිවසක දී ඇයට අතවර කර  රුපියල් සියයක් දුන් බව කියන පෙම්වතා වන උසස් පෙළ සිසුවකු හා ඔහුගේ මිතුරකු සැක පිට අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව කඹුරුපිටිය පොලීසිය පවසයි.


10  වැනි  ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය සැකකාර පෙම්වතා සමග මීට මාස කිහිපයකට පෙරදී ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගෙන තිබෙන  බව තොරතුරු අනාවරණය වී තිබේ.


ඔහුගේ ඉල්ලීම මත පාසල් වෑන් රථයෙන් නිවසේ සිට පාසල වෙත එන අතරතුරදී කඹුරුපිටිය නගරයෙන් බැස ඇති සිසුවිය සැකකරු පැමිණී මෝටර් රථයට ගොඩවී ඇති අතර අතරමගදී සැකකාර පෙම්වතා ඇයට පාසල් නිල ඇදුම වෙනුවට ඇද ගැනීමට ඇදුමක් ද දී තිබෙන බව පොලීසිය සදහන් කරයි.


පසුව හක්මන නගරය පසු කර ටික දුරක් ගොස් පාලු නිවසකදී සැකකරුවන් දෙදෙනාම ඇයට ලිංගික අතවර කර නැවත ඇය බස්නැවතුම්පොළ වෙත ගෙනවිත් බස්සවා රුපියල් සියයක් ද දී පළා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.


බාල වයස්කාර පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර ඇත.