බාලවයස්කාර දැරිය අපයෝජනය කළ තරුණයා අත්අඩංගුවට


 


 
 
සුමතිපාල දීයගහගේ සහ ඩි ජී සුගතපාල 
 
දහසය හැවිරිදි බාල වයස්කාර දැරියකගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා යයි කියන 18 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.


පාසල් සිසුවියක් වූ මෙම බාල වයස්කාර දැරිය මෙම තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන තිබේ. පසුව නැවත තුන්වැනි දිනයටත් පැමිණෙන ලෙස තර්ජනය කර ඇති සැකකරු නොපැමිණිය හොත් ඇගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර ඇත.


මේ අතර එදින සිසුවිය පෙම්වතා හමුවීමට ගොස් නැත. පසුව සැකකරු විසින් ඇගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහැර ඇති බව දැකීමෙන් පසුව  ගාල්ල ළමා හා කාන්තා කාර්යංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.