(ඩි.කේ.රත්න )
බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස්රථයක සේවකයින් හා ලංගම බස්රථයක සේවකයින් අතර දියතලාව නගරයේදී අද (21) ඇති වූ ආරවුලකදී සිදු කළ පහරදීමකින් බස් රථ සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
වැල්ලවාය සිට දියතලාව දක්වා දිනපතාම ධාවනය වන ලංගම බස් රථය සහ බණ්ඩාරවෙල නගරයේ සිට දියතලාව දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථය බණ්ඩාරවෙල නගරයෙන් එකම වේලාවට ධාවනය කිරීම නිසා ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් සිදු කළ පහරදීමකින් මෙසේ මෙම දෙදෙනා තුවාල ලබා තිබේ.
දියතලාව පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ සිදු කරයි.