බස් රථයේ යතුරු පැදිය ගැටී අඹු සැමි යුවළ මරුට


(ජේ.කේ.එල්.චාමින්ද)
 
ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ හබරාදුව හන්දියේදි අද (29) අලුයම වූ අනතුරකින් අඹු සැමි යුවළක් මියගොස් ඇති බව හබරාදුව පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ හරුමල්ගොඩ පදිංචිව සිටි අනුර ගමගේ (67)හා වතාණ ලේකම්වසම් නැමති (63) අයවලුන්ය. 
 
අඹු සැමි යුවළ පැමිණි යතුරුපැදිය ඇගලුම් සේවක-සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
 
හරුමල්ගොඩ සිට යතුරු පැදියෙන් පැමිණි එම දෙදෙනා හබරාදුව හන්දියෙන් ගාල්ල දෙසට හැරවීමට යාමේදී යතුරුපැදිය බස් රථයේ ගැටී ඇති බව පොලිසිය පවසයි. සැමියා, සිය බිරිඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ  සායනයක් සඳහා රැගෙන යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත.
 
ඇඟලුම් කම්හල් බසයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.