බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක ප්‍රපාතයකට පෙරලෙයි


(ප්‍රසන්න පත්මසිරි)

බිබිල සිට ආඳාඋල්පත හරහා බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මගී බස් රථයක් හෑපොළ ප්‍රදේශයේදී අද (14) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලී ඇති බවත් එහි ගමන් ගත් මගීන්ට කිසිදු අනතුරක් සිදු නොවූ බවත් පොලීසිය කියයි.

බිබිල සිට බදුල්ල බලා ගමන් කිරීමට මගීන් අටදෙනෙකු සමඟ ධාවනය වූ බස් රථය හෑපොළ ප්‍රදේශයේදී  මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.