බස් රථයකට යටවී 73 හැවිරිදි කාන්තාවක් මරුට


(ඩබ්ලිව්.ඒ. අසේල)

තලාතුඔය මහනුවර මාර්ගයේ කැටවල ප්‍රදේශයේදී අද (5) බස් රථයකට යටවීමෙන් බරපතල තුවාල ලැබූ මිත්තනිය සහ සුළු තුවාල ලැබූ මිණිබිරිය රෝහල් ගත කිරීමෙන් පසු මිත්තනිය මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ කැටවල ලෙව්ල පදිංචිව සිටි වයස අවුරුදු 73 හැවිරිදි නන්දාවතී වික්‍රමසිංහ නැමති කාන්තාවකි.

මිණිබිරිය සමඟ නගරයේ සිට බස් රථයෙන් පැමිණ බැස නිවසට යාමට ගමන් කිරීමේදී දෙදෙනාම එම බස්රථයේ වැදී මිත්තනිය ඉදිරිපස රෝදයට යටවී ඇත.

බරපතල තුවාල ලැබූ මිත්තනිය තලාතුඔය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇත.

වයස අවුරුදු හයක් වන මිණිබිරිය තවමත් තලාතුඔය ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ තත්ත්වය බරපතල නොවන බව රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කරති.

පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය