බස් අනතුරින් අයෙක් මරුට:7 ක් රෝහලේ


( ප්‍රසන්න පත්මසිරි)
 
 බුත්තල මහගොඩයාය ප්‍රදේශයේදී අද ( 20 ) උදෑසන  බස් රථයක කුඩා ලොරියක් ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් ලොරි රියදුරු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.
 
  වැල්ලවාය සිට මොණරාගලට ධාවනය වු මගී පෞගලික බසයක සියඹලාණ්ඩුව සිට කෙළඹ බලා ධාවනය වු වන්දනා  ගමනක් ගිය ලොරිය ගැටී අනතුර සිදුව තිබේ.
 
 අනතුරින් කොළඹ මාලබේ පදිංචි ලොරි රියදුරු මියගොස් එහි ගමන්ගත් තවත් හත්දෙනෙකු තුවාල ලබා තිබේන බව පොලීසිය කියයි.
 
 වන්දනාකරුවන් සියඹලාණ්ඩුව කැබිලිත්ත දේවාලයට ගොස් නැවත කොළඹට යන අතරතුර අනතුර සිදුව තිබේ.
 
 බුත්තල පොලිසීය පරීක්ෂණ ආරම්භ කර තිබේ.