(දියතලාව - ඩී.කේ. රත්න)
බණ්ඩාරවෙල මකුල්ඇල්ල ප්‍රධාන මාර්ගයේ මකුල්ඇල්ල වනසිරිගම ප්‍රදේශයේදී විදේශිකයෙකු ධාවනය කළ ත්‍රීරෝද රථයක් සහ ලංගම බස් රථයක් අද (9) හවස මුහුණට මුහුණලා ගැටීමෙන් ප්‍රංශ ජාතිකයෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
ප්‍රංශ ජාතික 29 හැවිරිදි ජෝනා හක් නැමති පුද්ගලයෙකු මෙම අනතුරින් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධියට සම්බන්ධ ලංගම බස් රථයේ රියදුරු බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ අධීක්ෂණය යටතේ බණ්ඩාරවෙල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.
බස් - ත්‍රිරෝද රථ අනතුරින් විදේශිකයකුට තුවාල
Recommended Articles