(හේමලතා ඩී. හේවගේ)
මීගමුව කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ දුම්මලකොටුව ප්‍රදේශයේදී අද (30) උදෑසන පෞද්ගලික බස්රථයක් හා ත‍්‍රිරෝද ගැටීමෙන් වූ අනතුරකින් හෙදියක හා ත‍්‍රිරෝද රථ රියදුරු මියගොස් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි දංකොටුව පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ දුම්මලකොටුව ප‍්‍රදේශයේ පදිංචි දංකොටුව රෝහලේ සේවයේ නියතු 59 හැවිරිදි ඩී. කේ ජයකොඩි මහත්මිය සහ 59 හැවිරිදි එච්. ඒ. රංජිත් යන අයය.
හෙදිය සේවය සඳහා රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ මෙම අනතුරට මුහුණපා ඇති බවද පොලීසිය පවසයි.
දංකොටුව දෙස සිට පන්නල දෙසට ගමන් කර ඇති බස්රථය ඊට ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත‍්‍රිරෝද රථයේ ගැටී අසල තිබූ පලතුරු වෙළඳසැලක්ද කඩාගෙන ගොස් ඇති බවද පොලීසිය කියයි.
තුවාල ලැබූවන් දංකොටුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සිදුකල බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දංකොටුව පොලිස් රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බස් - ත්‍රි රෝද රථ අනතුරකින් 2ක් මරුට - 3ක් රෝහලේ
Recommended Articles