බසයක් පෙරැළී 9ක් රෝහලේ


(හැටන් රංජිත් රාජපක්ෂ)

හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතු යායේ ධාවනය වු පෞද්ගලික බස්රථයක් ප්‍රපාතයකට පෙරැළිමෙන් එම බස් රථයේ ගමන් ගත් 9 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කල බව හැටන් පොලිසිය කියයි.


අද (19) පස්වරු 3.30ට පමණ එම වතුයායේ මාල්බ්‍රෝ කොටසේ කෝවිලේ පැවැති උත්සවයකට සහභාගි වීමට  ගිය එම වතුයායේම වතුකම්කරුවන් පිරිසක් මෙලෙස මෙම අනතුරින් තුවාල ලබා තිබේ.


අනතුරින් කුඩා ළමුන් පස් දෙනෙක් සහ වැඩිහිටි වතු කම්කරුවන් සිව් දෙනෙක් තුවාල ලැබූහ.


වතු මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ බස්රථය මාර්ගය හරහා ලිස්සා ගොස් බස් රථය ප්‍රපාතයට පෙරලි ඇති  බව හැටන් පොලිසිය පවසයි.