ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ
ධාවනය වෙමින් තිබූ බස් රථයක් කරුවලගස්වැව රදවි ඇළට පෙරළී යාමෙන් රියදුරු සුළු තුවාල ලබා ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසයි.
මෙම බස් රථයේ අළුත් වැඩියාවකට කරුවලගස්වැව ප්‍රදේශයට රැගෙන ගොස් ආපසු මුරියාකුලම, ඌරියාව මාර්ගය හරහා ගමන් ගනිමින් තිබියදී බස්රථයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකිව රදවි ඇළට පෙරළී ගොස් තිබුණි.
අනතුර සිදුවන අවස්ථාවේදි බස් රථයේ හිමිකරු පමණක් සිට ඇති අතර ඔහු රියදුරු ලෙස රථය ධාවනය කර තිබූ බව පොලීසිය පවසයි.
මෙම ඇළේ ජලය නොතිබීම නිසා ජීවිත හානි සිදුවී නොමැත.
මෙම රදවි බැඳි ඇල තබ්බෝව ජලාශයට ජලය රැගෙන යන අඩි 50ක් පමන ගැඹුරැති ප්‍රධාන ඇල මාර්ගයයි.