බලපත්‍ර නොමැතිව කැසිනෝ ක්‍රීඩාවේ යෙදුණු චීන ජාතිකයින් 12ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොල්ලුපිටිය  ඇට්ටොරියා නිවාස සංකීර්ණයේ 28 වැනි මහලේ බලපත්‍ර නොමැතිව  නීතිවිරෝධී අයුරින් කැසිනෝ ක්‍රීඩාවේ යෙදුණු  චීන ජාතිකයන් 12දෙනෙකු රුපියල්  658,200ක මුදලක් ද සමඟ අද (22) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර චීන ජාතික කාන්තාවන් තිදෙනෙකු වන බව පොලීසිය සඳහන් කරයි.