(ජේ.කේ.එල්. චාමින්ද)
බලපත්‍රයක් නොමැතිව බෝර 12 වර්ගයේ තුවක්කුවක් හා බෙහෙත් කොටන තුවක්කු දෙකක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත්බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා ඇල්ලඉහල දෙහිගහහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
එක් සැකකරුවකු සන්තකයේ පතොරම් තුවක්කුව හා බෙහෙත් කොටන තුවක්කුවක් තිබී ඇති අතර අනික් සැකකරු සන්තකයේ බෙහෙත් කොටන තුවක්කුවක් තිබී ඇති බව පොලිසිය පවසයි.
බෙහෙත් කොටන තුවක්කු 02 ක් එක් සැකකරුවකුගේ නිවසේ වහලය මත හා අනික් සැකකරුගේ වත්තේ තිබී සොයාගෙන ඇත.
පතොරම් තුවක්කුව වැහිපිල්ලකින් ආවරණය කොට පොහොර බෑගයක දමා වලදමා තිබියදී පොලිසිය මගින් සොයාගෙන් ඇත.
සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 42 හා 38 යන වියේ පසුවන අතර මොවුන් හෙට (10) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.