( ඩී.කේ.රත්න)
බලපත‍්‍ර නොමැතිව ලොරියකින් ප‍්‍රවාහනය කරන ලද දැව තොගයක් සමඟ එම දැව තොගය ප‍්‍රවාහනය කළ ලොරි රථයද අත්අඩංගුවට ගැනීමට අද ( 26) වැලිමඩ පොලිසිය සමත්ව තිබේ.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත කැප්පෙටිපොල - බෝගහකුඹුර මාර්ගයේ මාදෝවිට ප‍්‍රදේශයේදි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
පොලිසිය මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදි අදාල දැව තොගය ප‍්‍රවාහනය කළ ලොරි රථය කාර්මික දෝෂයකට ලක් විම හේතුවෙන් ලොරි රථයේ රියදුරු ලොරි රථය මාර්ගයේම දමා පලා ගොස් තිබේ.
මයික්‍රෝ වර්ගයේ ඉරූ තොගයක් මෙලෙස බලපත‍්‍ර නොමැතිව ප‍්‍රවාහනය කර ඇති අතර එම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ එක හමාරකට අධිකය.
වැටලීමේදි පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති අතර බණ්ඩාරවෙල කොට්ඨාශ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඩබ්ලිව්. හේරත් මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරති.