බලපත් නොමැති දැව සමඟ අයෙක් අත්අඩංගුවට


(ප්‍රියාණි මංගලිකා )

බලපත්‍ර නොමැතිව ඉරන ලද දැව කඳන් තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු සමග  කන්දේගෙදරදී  අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය අද ( 24 ) දා පැවසීය .
                   
විවිධ ප්‍රමාණ වලින් යුතු ඉරන ලද දැව කඳන් 264 කින් යුතු  දැව කඳන් තොගයක් මෙලෙස අත්අඩංගුවට ගත් බවද ,සැකකරු එම ප්‍රදේශයේම පදිංචි අයෙකු බවද පොලිසිය සඳහන් කලේය
සැකකරු සහ අත්අඩංගුවට ගත් දැව කඳන් තොගය සමග ලොරි රථය නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේය .