(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ බුලත්ගම ප්‍රදේශයේ තේ වත්තක තිබී පතුරොම් 18ක් අද (01) සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
බුලත්ගම ප්‍රදේශයේ පුද්ගලයකු තේ වත්තක් එළිපෙහෙළි කිරීමේදී එම තේ වත්තේ පතුරොම් කිහිපයක් දැක ඒ සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය වෙත දන්වා තිබේ. එහිදී එම තේ වත්තේ තිබී පතුරොම් 18 ක් සොයාගත් බව පොලිසිය කියයි.