(රංජිත් රාජපක්ෂ)
හැටන් කොටගල යුනිෆිල්ඩ් තේ වත්තේ වැලින්ටන් කොටසේ දෛනික වැඩ කටයුතු අද (31) දින නතර කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.
එම වතු යායේ තේ කර්මාන්ත ශාලාවට ඉහළින් නුග ගසක බැද තිබූ බඹර කුඩුවක බඹරුන් ඇවිස්සී වත්තේ දෛනික වැඩ කටයුතු වලට යමින් සිටි වතු කම්කරුවන් පිරිසකට සහ එම වතු යායට පිවිසෙන මාර්ගයේ ගමන් ගත් වාහනවල මගීන්ට ද බඹර ඇනීමෙන් මෙලෙස දෛනික වැඩ නතර කර තිබේ.
බඹරු ඇනීමෙන් එම වතුයායේ පවත්වාගෙන යන පෙර පාසල ද වසා දැමීමට ද එම පෙර පාසල් පාලිකාවන් කටයුතු කර ඇත.
බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතු කම්කරුවන් දෙදෙනෙකු කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් ඉන් එක් වතු කම්කරුවෙකුගේ තත්ත්වය බරපතල බව කොටගල රෝහලේ වෛද්‍යවරයයකු පැවසීය.
තේ වත්තේ නුග ගසේ බැද තිබෙන බඹර කුඩුව ඉවත් කර දිමට කටයුතු කරන ලෙස වතු කම්කරුවෝ වතු පාලන අධිකාරියෙන් ඉල්ලා සිටිති.