බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 13 ක් තුවාල ලබති


(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)

 

මස්කෙළිය, මෝකා තේ වතුයායේ වතු කම්කරුවන් පිරිසකට බඹර ඇනීමෙන් 13 දෙනෙකු තුවාල ලබා අද (2) මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

බඹරු ඇනීමෙන් තුවාල ලැබූ 10 දෙනෙක් රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත්,  බරපතල තත්වයේ පසුවූ කාන්තාවන් දෙදෙනෙකු හා එක් කම්කරුවකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

හින්දු කෝවිලේ පූජාව පැවැත්වීමෙන් පසුව තේ දළු නෙලීම සඳහා ගමන් කරමින් සිටි තමන්ට ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී පහර දුන් බව නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ පවසති.