බඹරු ඇනීමෙන් පුද්ගලයෙක් මරුට


( රංජිත් රාජපක්ෂ )

බඹරු ඇනීමෙන් පුද්ගලයකු මරණයටපත්වී ඇතැයි නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

මෙසේ බඹර ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් ටැප්ලෝ ජනපදයේ පදිංචි එ.වි.පොඩිමහත්තයා නැමති (67) හැවිරිදි තිදරු පියෙකි.

මරණකරු අද (21) දින උදැසන  ටැප්ලෝ ප්‍රදේශයේ පිහිටි වෙලදසැලට ගොස් නිවසට ආහාර ද්‍රව්‍යය රැගෙන එමින් සිටියදි වෙලදසැල අසල ගසක බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිමත් සමග ඇවිස්සුණු බඹරුන් දැඩි ලෙස පහර දි තුවාල සිදු කිරිම හේතුවෙන් ඔහු මරණයට පත් වි ඇති බව පවුලේ ඥාතින් පැවසිය.

බඹර ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබු තිදරු පියා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරනවිටත් මියගොස්ව සිට ඇතැයි පොලීසිය කියයි.