(විජේරත්න රත්නායක )
ඇල්ල පොලිස් බල ප්‍රදේශයේ බල්ලකෙටුව හිඳගල දෙමළ විදුහල අසළදී අද සිදු වූ බඹර ප්‍රහාරයකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්ල පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ පාසල් දරුවෙක් හා වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙකි.
සිද්ධියෙන් අනතුරුව දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන ලද තුවාලකරුවන්ගේ තත්වය අසාධ්‍ය නොවන අතර රුධිර පීඩනය පාලනය නොවීමේ තත්වයට පත්ව සිටි එක් අයෙකු බදුල්ල මහ රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.