බඹරු ඇන ගිරිතලේ පාසලක සිසුන් 4 ක්රෝහලේ


(ක.ග කරුණාරත්න)
 
හිඟුරක්ගොඩ අධ්‍යාපන කළාපයට අයත් ගිරිතලේ ජනපදය කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් තිදෙනෙක් සහ එක් සිසුවෙක් අද (22) පාසලට එමින් සිටියදී බඹරු ඇනීමෙන් තුවාල ලබා  රෝහල්ගත කර ඇතැයි  මින්නේරිය පොලීසිය කියයි.
 

එම සිද්ධියෙන් තුවාල ලබා සිටි සිසු සිසුවියන් ප්‍රතිකාර සඳහා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
 
දරුවන් පාසලට පැමිණෙන මාර්ගය් අසළ පිහිටි නුග ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම නිසා මේ අනතුර සිදුව තිබෙන බවත් එම අවස්ථාවේ  පා ගමනින්  පාසැලට පැමිණෙමින් සිටි දරුවන් සිව් දෙනාට බඹරු විද ඇති බවත් පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ. මින්නේරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.