(ඡායාරූප හා සටහන - මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, සාමිමලේ, ස්ට්‍රැත්ස්පී තේ වතුයායේ, කොමරි කොටසේ දී පාසල් වයසේ පිරිමි ළමයින් තිදෙනෙකුට අද (04) පෙ.ව. 09.00 ට පමණ බඹරු දෂ්ඨ කිරීම නිසා අසාධ්‍ය තත්වයෙන් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.
අවුරුදු 16 හා 11 වයස් සීමාවල පසුවන මෙම ළමයින් තිදෙනා අද උදෑසන දර කැඩීමට ගිය අවස්ථාවේ ගලක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිස්සී ඔවුන්ට පහර දී ඇති බව රෝහල් ගත කර සිටින මෙම ළමයින්ගේ දෙමව්පියෝ පැවසූහ.
අසාධ්‍ය තත්වයෙන් පසුවූ තම ළමයින් ත්‍රිරෝද රථයකින් කිලෝ මීටර් 08 ක් පමණ දුර මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ආ බව රෝහල් ගත කර සිටින ළමයින්ගේ දෙමව්පියෝ පැවසූහ.
නේවාසිකව ප්‍රතිකාර ලබන මෙම ළමයින් තිදෙනාට කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර තබා දුන් බවත්, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් මස්කෙළිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලියැදිපිටිය මහතා පැවසීය.