බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට


(රංජිත් රාජපක්ෂ)                       

තලවකැලේ , පුංචි කටුකැලේ වතුයායේ එළවළු කොටුවක වැඩ කරමින් සිටි වතු කම්කරු යුවළකට අද (30) එල්ල වූ බඹර ප්‍රහාරයකින් සැමියා මියගොස් බිරිඳ තුවාල ලබා ලිඳුල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසීය.

බඹර ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ පළණියාණ්ඩි සුබ්‍රමණියම් නැමැති 72 හැවිරිදි පුද්ගලයෙකි. බඹර ප්‍රහාරයට ලක් වූ කාන්තාව බරපතල තුවාල ලබා ලිඳුල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇත.

එළවළු කොටුව අසල තිබූ ගසක බැඳ තිබූ විශාල බඹර කුඩුවක් ඇවිස්සී තමන්ට පහරදුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින කාන්තාව පැවසුවාය.

බඹර ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව ලිඳුල රෝහලේ නිලධාරියෙක් පැවැසීය.