බඹර ප්‍රහාරයකින් කටුගස්තොට පාසලක සිසුන් 150 ක් රෝහලේ


( මොහොමඩ් ආසික්) 

කටුගස්තොට  ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසැලක සිසුන් 150  දෙනෙකු  පමණ බඹර ප්‍රහාරයට ලක්වී කටුගස්තොට සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කරනු ලැබ තිබේ.

අද ( 21 ) ක්‍රීඩා කටයුතු සඳහා සහභාගි වී සිටියදී මෙලෙස බඹරු ඇවිස්සී සිසුන්ට දෂ්ඨ කර ඇති අතර සිසුන් රෝහල් ගත කරනු ලැබ තිබේ.

බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන්ගෙන් සිසුන් 40 දෙනෙකු මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර  ඉතිරි  සිසුන්  කටුගස්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

කටුගස්තොට රෝහලට ඇතුළත් කරනු ලැබූ සිසුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.