(රංජිත් රාජපක්ෂ )
තේ වත්තේ ගසක තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ හිස මතට කඩා වැටිමෙන් දැඩි අසාධ්‍යය තත්ත්වයේ සිටි කාන්තාව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට අද (22) ඇතුළු කළ බව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසක් (22) දින උදැසන 9.30 ට පමණ තේ දළු නෙලමින් සිටියදි ඊට ඉහලින් ගසක බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දුන් අවස්ථාවේදී බඹර කුඩුව එම වතු කම්කරු කාන්තාවගේ හිස මතට කඩා වැටි ඇත.
එම කාන්තාවගේ කන තුලට සහ නාසය තුල බඹරුන් රැදි සිටි බවත් , එම බඹරුන් ඉවත් කිරිමෙන් පසු එම අසාධ්‍යය තත්ත්වයේ සිටි එම කාන්තාවට ප්‍රතිකාර ලබාදුන් බවයි දිස්ත්‍රික් වෛද්‍යවරයා පැවසීය.