(දයාරත්න ඇඹෝගම)
ඒරුවැව රක්ෂිතයේ ගවයන් සෙවීමට ගිය පුද්ගලයෙකු සතුන්ට අටවා තිබූ බඳින තුවක්කුවකට හසුවීමෙන් අද (08) මිය ගොස් ඇතිබව ගලෙන්බිඳුණුවැව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ පුලියන්කුලම , සිවලාකුලම පදිංචිව සිටි අසෝක විරසිංහ නැමති 49 හැවිරිදි තිදරු පියෙකි.
මියගිය පුද්ගලයා නැතිවුන ගවයන් සෙවීම සඳහා තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සමඟ ඒරුවැව රක්ෂිතයට ගිය අවස්ථාවකදී බදින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල තුවාල සිදුවී ඇති බව පොලිසිය කියයි.
වෙඩි වැදිමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් රෝගියා පයිරමඩුව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.