(බී. ජී. චතුරංග)
තන්තිරිමලය පොලිස් වසමේ, මානිංගමුව මහහල්මිල්ලෑව ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු අද (4) බරපතල තුවාල ලබා ඇතැයි තන්තිරිමලේ පොලිසිය පවසයි.
තුවාලකරුවන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ ගවයින් බැඳීමට ලඳු කැළෑවට ගිය 42හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ ඥාතී පුත්‍රයෙකි.
වන සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් අයකු විසින් මෙම තුවක්කුව බැඳ ඇතැයි පොලිසිය පවසයි.
මේ හේතුවෙන් පුද්ගලයන් දෙදෙනාගේ පාදවලට බරපතල තුවාල සිදුවී ඇති අතර ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
තන්තිරිමලේ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.