බන්ධනාගාරයට ඉහළින් සැරිසැරූ ඩ්‍රෝනයක් ගැන පැමිණිල්ලක්


(ජයන්ත සමරකෝන් සහ ඉන්දිකා රාමනායක)

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඉහළින් සැරිසැරූ  ඩ්‍රෝන යානයක් පිළීබඳව බන්ධනාගාර මුලස්ථානය බොරැල්ල පොලිසියට දැනුම් දී තිබේ.

පසුව එම ඩ්‍රෝන යානය බන්ධනාගාරයේ බී වාට්ටුව අසළට කඩාවැටී තිබී පොලිසියට බාරදුන් බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

කිසිදු අවසරයකින් තොරව මෙම ඩ්‍රෝන යානය ගුවන් ගත කර ඇතැයි ද  පැවසේ.

මීට මාස කීපයකට පෙර මෙවැනි ඩ්‍රෝන යානාවක් වැලිකඩ බන්ධනාගාරයට ඉහළින් පියාසර කර තිබූ බවට තොරතුරු වාර්තා වී තිබිණි.

මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් බන්දුල ගුණසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රිමාන්ඩ් බන්ධනාගාරයට ඉහළින්  පියාසර කර තිබියදී කඩා වැටුණු ඩ්‍රෝන යානය සෙල්ලම් එකක් බවට පොලිසිය අනාවරණය වී කර ඇති බවයි.