(ජයන්ත සමරකෝන්)
ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් ගණනාවකට ළඟදීම උසස්වීම් පිරිනැමීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
කොමසාරිස්වරුන් ලෙස ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරුන් වන ජයලත් සේනානායක ( වාරියපොල) , ටී.අයි උඩුනුවර ( වැලිකඩ) , එස් කොඩිතුවක්කු (මහර) යන මහත්වරුන් පත්වීමට ඉඩ ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ සමඟම බන්ධනාගාර අධිකාරී , සහකාර අධිකාරී සහ ප්‍රධාන ජේලර් තනතුරේ උසස් වීම් රැසක් මේ අතර වන බවද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා පැවැසීය.