( ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල නගරයේ කොකෝවත්ත වීදියේ තිබු වාහන අමතර කොටස් අලෙවි කළ තෙමහල් ගොඩනැගිලි දෙකක් අද (12) අලුයම 1.45ට පමණ ගිනිගැනීමෙන් සම්පුර්ණයෙන්ම විනාශයට පත් වු අතර එක් වෙළදසැලක හිමිකරුවකු ගින්නෙහි පිපිරීමකට හසුවී බරපතල තුවාල ලබා මිය ගිය බව පොලීසිය කියයි.
බදුල්ලේ පදිංචි හේමන්ත කුරේ (46) නැමති දෙදරු පියෙකු මෙසේ මිය ගොස් තිබේ.
විශාල පිපුරුම් හඩක් සමඟ ගිනි ජාලාවකින් වෙළදසැල් දෙක වැසී ගිය බවත් මියගිය වෙළදසැල් හිමිකරු බරපතල තුවාල සමඟ ගිනි ගනිමින් තිබු වෙළදසැල ඉදිරිපිට යතුරු පැදියක් සමග මාර්ගයේ බිම වැටී සිටියදී බදුල්ල මහ රෝහලට ගෙන ගොස් ඇතුළත් කර ඇති බවත් අනතුරුව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ පසු මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.