ප්‍රසාද් රුක්මාල්
බදුල්ල නගරයේ කොකෝවත්ත මාර්ගයේ දී මෝටර් රථ අමතර කොටස් අලෙවිකරණ වෙළඳසැළක සිදුවු විශාල පිපිරිමක් සමඟ වෙළඳසැල් දෙකක් ගිනිබත් වී ව්‍යාපාරිකයකු මරුමුවට පත්වීමේ සිදුවීම වු ස්ථානය අද (13) පස්වරුවේ රජයේ රස පරික්ෂක ඩබ්ලිව්.ඒ ආර්.ප්‍රනාන්දු මහතා විසින් නිරික්ෂණය කරනු ලැබීය.
ඊයේ (12) අලුයම සිදුවු මෙම පිපිරිමක් සමඟ ඇතිවු ගින්න හේතුවෙන් වෙළඳසැල් දෙකක් මුළුමනින්ම ගිනි බත්වුහ.
පිපිරිමත් සමඟ ඒ අවට වෙළඳසැල් රැසකට අලාභ හානි විය.
එම සිද්ධියෙන් බදුල්ල පදිංචි හේමන්ත කුමාර (41) නැමති ව්‍යාපාරිකයා මිය ගියේය.
රජයේ රස පරික්ෂක ඩබ්ලිව්.ඒ.ආර්. ප්‍රනාන්දු මහතා අද (13) පස්වරුවේ එම ස්ථානයේ තිබුණු සුන්බුන් නිරික්ෂණය කළ අතර සුන්බුන් කොටස් කීපයක්ම වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ලබා ගත්හ.