(පාලිත ආරියවංශ)
බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ තාප්පයක් කඩාවැටීම සහ එහි තවත් කොටසක් කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් විද්‍යාල මාවත තාවකාලිව වසා දැමූ බ ව බදුල්ල පොලිසිය පවසයි.
තාප්පයේ අඩි 60 ක පමණ දිගට කඩාවැටී ඇති අතර ඉතිරි කොටසේද පිපිරීම් ලක්ෂණ දක්නට ලැබීමත් නිසා මාර්ගය අනාරක්ෂිත වී තිබීමෙන් මෙම පියවර ගත් බව විද්‍යාල ආරංචිමාර්ග පවසයි.