(පාලිත ආරියවංශ )
බදුල්ල මහ රෝහල අසළ ප්‍රධාන මාර්ගයේ මාර්ග සංඥා පද්ධතිය පිහිටි ස්ථානයේ අසළ අද (24) ගිලාබැසීමකට ලක් වී තිබේ.
මේ තත්වය නිසා ප්‍රධාන ජල නලයකට හානි සිදුවී ඇති අතර බදුල්ල පොලිසිය , පළාත් සභාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රාජ්‍ය නිල නිවාස සහ නාගරික නිවාස සියයකට පමණ ජල සැපයුම නතර වී තිබේ.
අලුත් වැඩියා කටයුතු කඩිනමින් සිදුකර ජල සැපයුම යථා තත්වයට පත්කරන ලෙසට තමා අදාල නිලධාරින්ට උපදෙස් දුන් බව ජාතික ජල සම්පදාන හා ජලාපවාහන මණ්ඩලයේ ඌව පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රුවන් ලියනගේ මහතාගෙන් කළ විමසුමකදී පැවසීය .
මෙම ස්ථානයේ මීට පෙරද කීපවතාවක්ම මාර්ගය ගිලාබැසීමට ලක්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කෙරේ.