(නිශාන්ත කුමාර)
රිදීමාලියද්ද කුරුවිතැන්න ප්‍රදේශය හරහා අද (31) හමාගිය දැඩි සුළඟකින් බදුල්ල මහියංගන මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් වාහන ගමනා ගමන කටයුතු වලට බාධා එල්ලවී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බදුල්ල මහියංගන මාර්ගයේ 26 කණුව කුරුවිතැන්න බුබුල ප්‍රදේශයෙන් මෙසේ මාර්ගය අවහිර වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය
මාර්ගය දෙපස තිබූ ගස් රැසක් මාර්ගයට කඩා වැටී ඇති අතර මාර්ගය දෙපස ඉදිකරතිබූ වෙළෙඳසැල් කිහිපයකටද දැඩි හානි සිදුව ඇත.
ගස් කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතිවලට ද දැඩි හානි සිදුව ඇති අතර විදුලි බල මණ්ඩල සේවකයින් මේ වනවිටත් විදුලි සැපයුම් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.