බදුල්ල ප්‍රා.සභා මන්ත්‍රීට පහර දුන් පිරිස සොයා විමර්ශනයක්



 
 
(ඩී.කේ.රත්න)
 
බදුල්ල ප‍්‍රාදේශීය සභාවේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකුට පහරදී පලා ගිය පුද්ගලයින් දෙදෙනෙකු සොයා එම දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අද (3) විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතයි බදුල්ල පොලීසිය පවසයි.


බදුල්ල ප‍්‍රාදේශීය සභාවේ එ.ජා.ප. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී බාලක‍්‍රිෂ්ණන් මුරලිදරන් යන අයට ඊයේ (2) දා රාත‍්‍රී 7.30 ට පමණ බදුල්ල පස්සර මාර්ගයේ දෙකේ කණුව මංසන්ධියේ වෙළඳසැලක් අසලදී පහර දුන් බවට බදුල්ල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.


බදුල්ල ප‍්‍රාදේශීය සභාව මගින් විනීතගම මාර්ගයේ දෙකේ කණුව ප‍්‍රදේශයේ කැළි කසල ප‍්‍රතිචක්ක‍්‍රීකරණය කිරීම සඳහා මධ්‍යස්ථානයක් ඉදිකරන අතර එයට විරුද්ධ වන ලෙස මෙම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාගෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඉල්ලීමක් කර තිබෙන අතර ඒ පිළිබඳව ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර තිබේ.