බද්දේගම අනාරක්ෂිත පවුල් 10 ක් ඉවතට


( ජේ.කේ.එල් චාමින්ද - සිරිනිහාල් ගමගේ )

 පැවැති වැසි සහිත කාලගුණික තත්ත්වයෙන් පස් කඳු කඩාවැටිම්  නිසා  වදුරඹ, දෙයියන්දර, කොකාවල කිඹිකන්ද  අදි ප්‍ර දේශවල අනාරක්ෂිතව සිටි පවුල් 10කට එම ස්ථානවලින් ඉවත් විමට දැනුම් දුන් බව  බද්දේගම ප්‍රාදේශිය ලේකම්  අයි හිමාලි රත්නවීර මහත්මිය සදහන් කළාය.


 අයහපත් කාලගුණික තත්වය නිසා වදුරඹ, කිඹිකන්ද, දෙයියන්දර, කෝකාවල, ලේලවල,ති රුවානාකැටිය යන ප්‍ර දේශවල පස්කදු කඩාවැටිම් 14ක් පමණ වාර්තා වි ඇති අතර පස්කදු කඩා වැටිමෙන් නිවාස හතරකට පමණ ආර්ධ වශයෙන් හානි වි ඇති බවද මේ ගැන අපදා කළමණාකරණ මධ්‍යස්ථානයට හා භුවිද්‍යා හා පතල් කැණිම් කාර්යංශයට දැනුම් දී ඇති බවද ඇය සඳහන් පැවසුවාය.