(ඩි.කේ.රත්න)
බණ්ඩාරවෙල වැවතැන්න ෆයිනස් වගා රක්ෂිතයේ අද (01) දහවල් ඇති වූ ගින්නකින් එම රක්ෂිතයේ අක්කරයක පමණ භූමියක් ගිනිගෙන විනාශ වී ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
ගින්න ඇතිවීමත් සමඟ බණ්ඩාරවෙල පොලීසිය බණ්ඩාරවෙල මහ නගර සභාවේ සහයෝගය මත ගිනි නිවන රථය රැගෙන ගොස් ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගයද සමග ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම වන වගා භූමියට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
බණ්ඩාරවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.