බණ්ඩාරවෙල නගර සභාවේ අයවැය සම්මතයි


(ඞී.කේ.රත්න)

බණ්ඩාරවෙල මහ නගර සභාවේ 2019 වර්ෂයේ අයවැය ප‍්‍රකාශය අද (20) බණ්ඩාරවෙල මහ නගර සභාවේ පැවති මාසික සභා වාරයේදී වැඩි ඡන්ද දෙකකින් සභා සම්මත විය.

ස්වාධීන කණ්ඩායම් අංක එකට බලය හිමි බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා විසින් 2019 වර්ෂයේ අයවැය ලේඛනය මහ නගර සභාවේ මාසික සභා වාරයට ඉදිරිපත් කිරීමෙන් පසු විවාදයට ගැනීමෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද දෙකකින් සභා සම්මත විය.

බණ්ඩාරවෙල මහ නගර සභාවේ පාලක පක්ෂය වන ස්වාධීන කණ්ඩායම අංක එක මන්ත‍්‍රීවරු නව දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු හය දෙනා සමඟ ස්වාධීන කණ්ඩායම් අංක දෙක මන්ත‍්‍රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළහ.