බඩල්ගම අනතුරින් කතක් මරුට තිදෙනෙක් රෝහලේ


(ප්‍රසාද් මුතුකුඩ) 
  
බඩල්ගම  සිරිංගපාත  රජයේ  වතුයාය  ප්‍රදේශයේ දී  ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන්  කණුවක ගැටී අද (18)  සිදුවු අනතුරින් රථයේ  ගමන් කළ කාන්තාවක්  මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා  රොහල් ගත කළ බව  කොටදෙනියාව පොලීසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කඩවත ගනේමුල්ල පොකුණ හංදියේ  පදිංචි සුභාෂිනි ධනපාලි නැමැති  (58)  පමණ වයසැති  විවාහක කාන්තාවකි. 

ගිරිඋල්ල සිට මීගමුව දෙසට වේගයෙන්  ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථය පැදවු වයස 22 පමණැති රියදුරාට එහි  වේගය පාලනය  කරගත නොහැකිව  මාර්ගය අසල දකුණු පස  තිබු  දුරකථන රැහැන්  කණුවක  සහ කම්බි කණු  කීපයක ගැටි මෙම අනතුර සිදු වන්නට  ඇති බවත්  ඒ අවස්ථාවේදි  රියදුරා හට නින්ද ගොස්  සිටියා විය හැකි  බව පොලිසිය   සැක පහළ කරයි.

මිය ගිය තැනැත්තියගේ  79 ,  වියැති මව   සහ  54  වියැති සහෝදරියකද ඇයගේ පුතෙකු විසින් ත්‍රිරෝ රථය පදවා පැමිණි  රියදුරාද    මෙම අනතුරින්  බරපතල  ලෙස තුවාල ලබා  සිටි බවත් තුවාල කරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා  කුරුණැගලට මූලික රෝහලට මාරු කර යවා ඇත.

 ශාන්ති කර්මයක් කරගැනීමට දේවාලයකට  යෑම සදහා පැමිණිමේදි මෙම අනතුර සිදුව ඇති බවට  කළ මූලික පරික්ෂණ වලදි  අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.