(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව ප්‍රදෙශයේ වතුකම්රුවන් පිරිසක් හැටන් බගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ග බගවන්තලාව නගරයේ පාලම අසලින් අවහිර කරමින් අද (27) උදැසන සිට ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
වතු හාම්පුතුන්ගේ සංගමය , වතු එකාබද්ධ වෘත්තිය සමිති සහ රජය මැදිහත් වි තමන් වෙත ලබාදුන් රු 700ක මුලික වැටුප ප්‍රමාණවත් නොවන හා මෙම නව වැටුප් වැඩි කිරිමේදි මිට ඉහල තමන් වෙත ගෙවු දිරි ගැන්විමේ දිමනාව වන රු 140 මෙවර වැටුප් වැඩි කිරිමට ඇතුළත් කර නොමැති බව පවසමින් ඔවුහු මෙම විරෝධතාව අරඹා ඇත.
විරෝධතාවයේ නියැලි සිටින වතු කම්කරුවන් පවසනුයේ තමන්ට රු 1000ක මුලික වැටුපක් ලබාදෙන බව වතුකරයේ දේශපාඥයින් පොරොන්දු වි රුපියල් 700 මුලික වැටුපක් පමණක් ලබා දි තමන් මුලා කළ බවයි.
වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුම අත්සන් නොකරන ලෙසට විරෝධතාවයේ නියැලි සිටින වතු කම්කරුවෝ පවසති.