(හැටන් රංජිත් රාජපක්ෂ )
රජය මගින් වැඩි කළ පෞද්ගලික බස් රථ ගාස්තු ප්‍රමාණවත් නොවන බව පවසමින් හෙට (17) දින පෞද්ගලික බස් රථ සංගම් විසින් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති වැඩ වර්ජනයට සාර්ථකව මුහුණ දිමට හැටන් ලංගම ඩිපෝවේ සේවකයින් සුදානම් බව එම ඩිපෝවේ කළමණාකර අනුර දොඩම්තැන්න මහතා කිහ.
මෙම වැඩ වර්ජනයට මුහුණ දිම සදහා තම ඩිපෝවේ සියළුම සේවකයින් මේ වන විට සේවයට වාර්තා කර ඇති බවත් ,දෛනික ධාවන කටයුතු සදහා හැටන් ලංගම ඩිපෝව මගින් දිනපතා ධාවනයට එක් කරන බස් රථ 92 ක් මේ වන විට සුදානම් කර ඇති බවයි විපෝ කළමණාකාරවරයා කියා සිටියේ.
කිසිදු මගියෙකුට අවහිරයක් නොවෙන සේ හැටන් ලංගම බස් නැවතුම්පොලේ සිට දුර සහ කෙටි දුර ධාවනයට බස් රථ යොදවන බවත්, එම බස් රථවලට දිනපතා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් බස් රථවලට නිකුත් කර ඇති බවත්, ඒසේ ඉන්ධන නිකුත් කිරිම තුලින් ධවනය කරවන බස් රථවල ප්‍රමාදය අවම කර ගැනිමට හැකි බවයි ඩිපෝ කලමණකාරවරයා කියා සිටින්නේ.
ලංගම සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරිම සම්බන්ධයෙන් හැටන් ඩිපෝවේ සියලුම සේවකයන් කැමැත්ත පළ කර ඇති බවත්, තම ඩිපෝවේ කාර්මික අංශයේ සේවකයින් හෙට දින ධාවනය කිරිමට නියමිත සියළුම බස් රථවල අලුත් වැඩියා කටයුතු ලහි ලහියේ සිදු කරන බවයි.



