(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ගනේඅරඹ ප්‍රදේශයේ නිවසක නවම් පෝදා නීතිවිරෝධීව බලපත්‍ර නොමැතිව රුපියල් 80,000ට ආසන්න වටිනාකමින් යුතු අරක්කු බෝතල් 42ක් සහ සැර අධික විශේෂ බියර් බෝතල් 12ක් අලෙවි කිරීමට නිවසේ තබාගෙන සිටි සැකකරුවකු අද (19) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
බලපත්‍ර නොමැති මත්පැන් තොගය සැකකරුගේ නිවසේ කාමරයක සඟවා තිබියදී පොලිස් නිලධාරීන් සොයා ගත් බව පොලිසිය පැවැසීය.
සැකකරු රැකියාව වශයෙන් කරවල වෙළදාම සිදු කරන බවත් පොහෝදින හා රජයේ නිවාඩු දිනවල මෙසේ නීති විරෝධීව මත්පැන් අලෙවි කිරීම සිදු කරන බවත් පොලීසිය තවදුරටත් සඳහන් කළේය.